කළුතර වෙඩිතැබීමට සැක යතුරුපැදියක් බණ්ඩාරගමින් හමුවෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර, වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

එම යතුරුපැදිය අද (15) පෙරවරුවේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය ආසන්නයේ වෙල්යායක් අසලදී හමුවූ බවයි පොලීසිය පවසන්නේ.

එම යතුරුපැදිය මත කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරුපැදිය අසල බිම කළු පාටට හුරු රෙදිවලින් මැසූ නවතම ජැකට්ටුවක් ද තිබී හමුවී ඇති අතර ඊට අඩි කීපයක් දුරින් ඇති වෙල්යාය අසල කහ පාටට හුරු හාල් උරයක දමා තිබූ සපත්තු යුගලක් ද හමුවී ඇත.

අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...