රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර හටගෙන ඇති දරුණුතම යුදමය තත්ත්වය උත්සන්න වීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමට එරෙහිව හිස්බුල්ලා කණ්ඩායම විසින් ඊශ්‍රායල හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය බීරූට් නුවරට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
මෙම ගැටුම කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතින අතර, ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ගම්මාන රැසක වැසියන්ට ඉවත් වීමේ නියෝග නිකුත් කර තිබේ.
ලෙබනන් අගමැතිවරයා හිස්බුල්ලා ක්‍රියාව විවේචනය කර ඇති අතර, ඊශ්‍රායලය දිගින් දිගටම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරන බවටද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මඟින් ලෙබනනයේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවද වර්තා වේ.





