ජනාධිපතිකම අතෑරලා ගිය මිනිහාට මේ රටට එන්න දෙන්න – පොහොට්ටුව ඉල්ලයි ! (VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි මෙරටට පැමිණීමට අවස්ථාව සලසා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා පවසයි.

“තමන්ගෙ කාර්ය මණ්ඩලය අඩු කරගෙන, තමන්ගෙ යාන වාහන ටික අඩු කරගෙන මේ රට හදන්න යම් උත්සාහයක් ගත්ත නායකයාට අද ඉන්න රටක් නැතිවෙලා. ඒ හින්දා ශ්‍රී ලාංකිකයො විදියට අපි ලැජ්ජා වෙන්න ඕනෙ අපේ රටේ නායකයෙක් වෙනත් රටකට ගිහිල්ලා ඒ රටේ නතර වෙන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා නම්. මේ වෙලාවෙ ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, මේ රට බේරාගත්ත මේ රටේ ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු, එක ලේ බිංදුවක්වත් හොල්ලන්නෙ නැතුව මේ රටේ තරුණයින්ට ඇහුම්කන් දීලා තමන්ගෙ ජනාධිපතිකම අතෑරලා ගිය මිනිහාට මේ රටට එන්න අවස්ථාව හදලා දෙන්න ඕනෙ”

ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...