මං ගිය සිකුරාදා කිව්ව දේ නන්දලාල් මේ අඟහරුවාදා කළා. ස්තූතියි නන්දලාල් – හර්ෂ (VIDEO)

සේවා අපනයන ඉපයීම් අනිවාර්යයෙන්ම රුපියල් බවට පරිවර්තනය කිරීම නවත්වන ලෙස තමන් පසුගිය සතියේ සිකුරාදා මාධ්‍ය හමුවකදී කරන ලද ඉල්ලීම මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් මේ සතියේ අඟහරුවාදා වනවිට ක්‍රියාත්මක කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ඊයේ මහබැංකුව නිවේදනයක් නිකුත් කරලා මෙන්න මෙහෙම කියනවා. සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2022 අගෝස්තු 12 වනදා හෝ ඉන් පසුව ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම් ඉපයුම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්යය අවශ්‍යතාවය ඉවත් කර ඇත කියලා. ඒ කියන්නෙ මේක මූලික දෙයක්. අපි සිකුරාදා මේක කරන්න කියලා කිව්වා, මහබැංකුව කරලා තියෙනවා. අපි කියපු නිසා කළාද නැද්ද කියන එක අපට අදාළ නෑ. නමුත් අපි කියන දේ ඇත්ත වශයෙන්ම තේරුමක් තියෙනවා කියන එක මේ ඊයෙ මහබැංකුව කරන දෙයින් සාක්ෂාත් වෙනවා. අපි නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිවරයාට ස්තූතිවන්ත වෙනවා මේ ධනාත්මක වෙනස කිරීම සම්බන්ධයෙන්”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...