අරගලකරුවන්ට නඩු පවරා වන්දි අයකර ගන්නවා – ඇමති ප්‍රසන්න

Date:

ගෝල්ෆේස් අරගලය පැවති භූමිභාගයට සිදුව ඇති හානිය සඳහා අරගලකරුවන්ගෙන් වන්දි අයකර ගැනීමට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම භූමියෙන් අරගලකරුවන්ව ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව බවත් කිසිවෙකුට රාජ්‍ය දේපළ බලහත්කාරයෙන් අයිති කරගැනීමට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

අරගල භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් අරගලකරුවන් පිරිසක් විසින් නඩු පැවරීමට කටයුතු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එම භූමියට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.

එසේ වන්දි අයකර නොගන්නේ නම් පසුකාලීනව අමාත්‍යාංශ නිලධාරීන්ට ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් එවැනි අර්බුදයකට තම නිලධාරීන් පත්කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...