ලාංකීය පසුගාමීත්වය සහ ඒ සඳහා වූ ඉන්දියානු බලපෑම … ?

Date:

ඉන්දියාව යනු එකිනෙකට වෙනස් සංකෘතීන් සහ ජාතීන් විශාල ප්‍රමාණයක් ජීවත්වෙන අර්ධද්වීපයකි.

එතනදි ඉන්දියාව වාර්ගික ගැටුම්වලින් මුදවාගෙන සාමකාමී ඉන්දියාවක් විදියට පවත්වාගෙන යෑමේ හැකියාව ලැබිලා තියෙන්නෙ ඉන්දියානු නායකයො හදපු සියළු ජනවර්ගවල සංකෘතීක ස්වාධීනත්වය සහතික කරලා දීපු පෙඩරල් ව්‍යවස්ථාව නිසා..

ජාතීන් තුනක් විතරක් ජීවත්වෙන ලංකාව කියන පොඩි දූපතේ පාලකයො හැමදාම මහාජාතියෙ ඒකීය ව්‍යවස්ථාවක් වෙනුවෙන් වංචනික විදියට පෙනීඉඳලා මහා ජාතියයි අනික් ජාතීනුයි ඔක්කොම රවට්ටලා බලය ඩැහැගත්තා මිසක් ඉන්දියානු නායකන් වගේ අවංක අරමුණකනින් ජනවර්ග ප්‍රශ්නය දිහා බැළුවේ නෑ…

කොහොමත් ලංකාව කියන මේ පුංචි දූපතේ ආර්ථික සංකෘතීක හා දේශපාලනමය හැඩය සකස්වෙන්ට නියමිත ලඟම තියෙන දැවැන්ත ඉන්දියානු අර්ධද්වීපයේ හැඩයට අනුව තමයි…

නමුත් අපේ රටේ පාලකයො ඉන්දියාවේ තිබුන ජාතිකවාදී සහ ආගම්වාදී නොදියුණු අගතීන් අවස්තාවාදී ලෙස කොපිකරා මිසක් ඉන්දියානු දියුණු යාවත්කාලීනවීම් කොපි කරේ නෑ…

අනූව දශකයේ මුලදී ඉන්දියානු ආර්ථිකයේ පැවති ජාතික සංවෘත ප්‍රතිපත්තිය අසාර්ථක වෙලා සමස්ථ ආර්ථික පද්දතියම කඩාවැටුනා.

නමුත් එතෙන්දි ඉන්දියානු නායකයන් අර්බූදය හඳුනාගෙන නව ලෝකයට ගැලපෙන ලෙස ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරගත්තා…. ගෝලීය ප්‍රාග්ධනයට රට ඇතුලට ඇවිත් කර්මාන්ත ආරම්බ කරන්ට අවශ්‍ය වටපිටාව රට ඇතුලේ නිර්මාණය කරලා දුන්නා… ඒ මහා ආයෝජනවල ප්‍රතිලාබ රටට ලබාගන්ට පුළුවන් ලෙස තත්වයන් හොඳින් කළමනාකරණය කලා…

ඉන්දියානු නායකයො පෙඩරල් ව්‍යවස්ථාවක් හදලා ඉන්දියාවේ වාර්ගික ගින්න නිවනකොට අපේ නායකයො පටු බලදේශපාලන උවමනාවන් වෙනුවෙන් වාර්ගික ගින්න තවතව ඇවිළෙව්වා…

බහුතර ජනවර්ගයේ ජන්ද ගොඩ කොල්ලකාගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රාජ්‍යයය ආගමිකකරණයේ සහ වාර්ගිකකරණයේ ගොදුරක් බවට පත්කරා..

ගෝලීය ආර්ථිකයට ගැලපෙන්නේ නැතිව ලංකාවේ දේශීය ජාතිකවාදී ආර්ථික අටමංගල්ලෙ දිගින්දිගටම බංකොලොත් වෙනකොට අපේ පාලකයො කලේ දේශප්‍රේමී මිත්‍යාවන්ගෙන් ජනයා මුලාකරලා තවතවත් ඊනියා ජාතික ආර්ථිකයකටම මුවාවෙමින් ට්‍රිලියන ගනන් හොරාකාපු එක ……

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...