ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී පවතින මිල ඉහළ යාමට පිළියමක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ යෝජනාවකට එකඟ වීම සඳහා ඔවුන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.
අමෙරිකාව මෙම යෝජනාව සඳහා දැනටමත් සහයෝගය පලකර ඇති අතර කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදය, G7 රටවලට අයත් වේ.
කෙසේවෙතත් එම වාර්තා පලවීමත් සමග ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 117.65 සිට ඩොලර් 104 ක් දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වේ.
මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන අතර
එය 2022 වසරේ මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටම ලෙස වාර්තා වෙයි.
ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතවය.
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයට එල්ල වී තිබෙන බාධාවද මෙම මිල ඉහළ යාමට හේතුවක් වී ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 24.96කින් හෙවත් 27%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 117.65 ක් ලෙස සටහන් වී තිබුණි.
මෙය ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ විශාලතම මිල ඉහළ යාම ලෙසද වාර්තා විය.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල ද ඩොලර් 25.72 කින් හෙවත් 28.3% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 116.62ක් දක්වා ඉහළ ගොස් තිබේ.


