රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :
2026 ශ්‍රී ලංකා එක්ස්පෝ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සක්‍රීය වැඩපිළිවෙළක් ගෙන යයි.
මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් බ්‍රිතාන්‍යය, ඉන්දුනීසියාව සහ දකුණු කොරියාව යන රටවල තානාපතිවරුන් හමුවී ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

මෙම ප්‍රදර්ශනය හරහා මෙරට ඇඟලුම්, තේ, තොරතුරු තාක්ෂණ සහ කුළුබඩු වැනි ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයන් සඳහා විදේශීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත උත්සවය, මෙරට තරඟකාරී වෙළඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝකය හමුවේ තැබීමට දරන උත්සාහයකි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙරට ආර්ථිකයට නව ජවයක් ලබාදීමට ඉවහල් වනු ඇත.



