Home පුවත් ලේක්හවුස් පොහොට්ටු ලොක්කාගේ නඩුව විභාගයට නොගෙනම ඉවතට!

ලේක්හවුස් පොහොට්ටු ලොක්කාගේ නඩුව විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:ලේක්හවුස් පොදු ජන පෙරමුණ වෘත්තීය සමිතියේ සභාපති කපුගම ගීගයනගේ චන්දන පුෂ්පකුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම නොකරම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (12) දින නියෝග කර ඇති බව වාර්තා වේ.

2019 වර්ෂය වන විට දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියයෙකු ලෙස කටයුතු කළ චන්දන බණ්ඩාර මහතා, 2019 ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව සහකාර සාමාන්‍යාධිකාරී තනතුරට උසස්කර තිබූ අතර, ඊට මාස කිහිපයකට පසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට උසස් කිරීමට එවකට පාලනාධිකාරිය කටයුතු කර තිබුණි.

වර්තමාන පාලනාධිකාරිය පත්වීමෙන් අනතුරුව ආයතනයේ ඉහළ කළමණාකාරීත්වයේ කාර්යයන් සම්බන්ධ සමාලෝචනයකින් අනතුරුව එම නිලධාරියා මරදාන පිහිටි කැළණිවැලි කාර්යාලයට ස්ථානමාරු කිරීමට කටයුතු කරන ලද අතර, එම තීරණය අභියෝගයට ලක්කරමින් ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණි.