කොළඹ LNW: කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඊයේ (11) දිනයේ අත්අඩංගුවට පත්වූ ‘ලංකා ඊ නිව්ස්’ (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූණි.
2010 වසරේදී ‘ලංකා ඊ නිව්ස්’ ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ එම ආයතනයට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධීන්වලින් පසුව සිය ජීවිත ආරක්ෂාව පතා මෙරටින් පිටව ගිය සේනාධීර එතැන් සිට සිය මාධ්‍ය මෙහෙයවීම් විදේශගතව සිට සිදු කළේය.




