රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ LNW :
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීම් දෙකකදී රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පළමු සිදුවීමේදී, සංචාරක අවන්හලකට ගිනි ආරක්ෂණ සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ත්‍රිකුණාමලය මහ නගර සභාවේ ගිනි නිවන නිලධාරියෙකු සහ ගිනි භටයෙකු මෙලෙස කොටු වී තිබේ.
දෙවන සිදුවීමේදී, මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නියම වූ ප්‍රජා සේවා දඬුවමකින් නිදහස් කිරීම සඳහා මුදල් ඉල්ලා සිටි ප්‍රජා විශෝධන නිලධාරියෙකු වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සියලු දෙනා අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කර තිබේ.
මින් පැහැදිලි වන්නේ සිය රාජකාරි බලතල අවභාවිත කරමින් අයුතු ලෙස මුදල් උපයන නිලධාරීන් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලධාරීන් ක්‍රියා කරන බවයි.





