‘ගෝඨා ගෝ හෝම්’ විදෙස් උද්ගෝෂණ සංවිධායකයන් පසුපසත් පොලීසිය පන්නයි !

මැයි 09 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අර්ජුන අමදෝරු නමැත්තෙකි.

ප්‍රංශයේ පදිංචිව සිටින මෙම පුද්ගලයා සිය ඥාතීන් බැලීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරු ‘ගෝඨා ගෝ හෝම්’ ප්‍රංශ විරෝධතා සංවිධානය කිරීම සඳහා මැදිහත් වූ පුද්ගලයෙකු බවද වාර්තා වේ.

පොලීසිය පවසන්නේ මැයි 09 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ පැවති කලහකාරී සිදුවීම්වලට මෙම පුද්ගලයා සම්බන්ධ බවයි. අදාල සිදුවීම්වලින් පසුව ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...