ඉන්ධන පෝලිම් පාලනයට පොලිස් ආරක්ෂාව.. 

රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ LNW :

ඉන්ධන පිරවුම්හල් වෙත QR කේත ක්‍රමය නැවත හඳුන්වා දීමත් සමඟ ඇති වී තිබෙන රථවාහන තදබදය සහ පෝලිම් පාලනය කිරීම සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

මහජනයා අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් පිරවුම්හල් අසල දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

එක් එක් වාහන කාණ්ඩයට නියමිත ඉන්ධන ප්‍රමාණය හිමිවන බැවින්, කලබල නොවී කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම තත්ත්වය කළමනාකරණය කරමින් මාර්ග විනය පවත්වා ගැනීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ආරක්ෂක විධිවිධාන තර කර ඇත.

පවතින තදබදය අවම කරමින් ජනතාවට අවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව ලබාදීම මෙම පොලිස් මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.

 රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් පැවසූවේ,

“මේකට කලබලවීමක් අවශ්‍ය වෙන්නේ නෑ. QR කේතය හඳුන්වා දුන්නාට පස්සේ තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ ඒ වාහන කාණ්ඩය අනුව ලබා දෙනවා. මහජනයා අනවශ්‍ය කලබලවීමක් පෙන්නුම් කරලා තියන නිසා තමයි, ෂෙඩ් ළඟ මෙච්චර මිනිස්සු පිරිලා ඉන්නේ. ඒක නිසා අපි පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ඒ අදාළ තැන්වලට අපි ආරක්ෂාව සඳහා දාලා තියෙනවා.

මහජනයා කලබල නොවුණානම් මේ ප්‍රශ්නය එන්නේ නෑ. ලීටර් 10ක් ගහන්න ඕන තැන ලීටර් 50ක් ගහන්න යනවා. හැමදේම මේ කලබලවීම මත. යුද්දේ නිසා ඇතිවූ කළමනාකරණයක් තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. කලබල වෙන්න අවශ්‍ය නෑ තමන්ගේ වාහනයට අවශ්‍ය ඉන්ධන ඕන ෂෙඩ් එකකින් ලබා දෙනවා. ඒ නිසා අනවශ්‍ය කලබල අවශ්‍ය නෑ නමුත් අපි මේ නිසා ඇතිවන තදබදය අවම කරන්න අපේ පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන් යොදවා අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...