ජල ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම තීරණය සැප්තැම්බර් 01 වැනිදා සිට ක්රියාත්මක බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
නිවාසවල ජල ගාස්තුව 70% කින් ඉහළ යාමට නියමිත අතර කෙසේ නමුත් අඩු ආදායම්ලාභී නිවාසවල ජල ගාස්තු ඉහළ නොදමන බවද ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ව්යාපාරික ස්ථාන සඳහා ගාස්තු ඉහළ දමන ප්රතිශතය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැත.
මීට පෙර විදුලි ගාස්තුද ඉහළ දැමීමට පියවර ගත් අතර 70% ක ගාස්තු ඉහළ දැමීමක් ක්රියාත්මක කරන බව ප්රකාශ කළද ඇතැම් බිල්පත්වල අගය 100% කට වඩා වැඩි ප්රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.
UN