ඩිජිටල් යුගයේ මාධ්‍ය සාක්ෂරතාව සහ වගකීම් සහගත සන්නිවේදනය…

රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ LNW :

වර්තමාන ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ තොරතුරු සන්නිවේදනය ප්‍රජාතන්ත්‍රීකරණය වී තිබුණද, ඒ හරහා පැතිරෙන අසත්‍ය තොරතුරු සමාජ අර්බුද ඇති කරන බව කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති "සංදේශය" මාධ්‍ය සම්මාන උළෙලේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදු කරන ලද විශේෂ දේශනයේදී අවධාරණය කළාය.

විශේෂයෙන්ම තොරතුරු බෙදාහැරීමට පෙර එහි සත්‍යතාව තහවුරු කරගැනීම පුරවැසියන්ගේ වගකීමක් බවත්, තොරතුරු පිළිබඳ සමාජ විශ්වාසය බිඳවැටීම භයානක තත්ත්වයක් බවත් මෙහිදී පෙන්වා දී තිබේ.

මීට අමතරව, පාසල් දරුවන් අතර මාධ්‍ය සාක්ෂරතාව සහ විවේචනාත්මක චින්තනය වර්ධනය කිරීමේ වැදගත්කම ඇය පැහැදිලි කර ඇත.

අනාගත මාධ්‍යවේදීන් ලෙස සිසුන් වගකීම්සහගතව සහ සදාචාරාත්මකව කටයුතු කළ යුතු බව පවසන අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මෙම විෂයයන් හඳුන්වා දීමේ අවශ්‍යතාවයද මතු කරයි.

තවද මෙහිදී, ප්‍රවීණ මාධ්‍යවේදීන්ට සහ දක්ෂ සිසුන්ට සම්මාන ප්‍රදානය කරමින් වෘත්තීය ගෞරවය රැකගැනීමේ වැදගත්කමද ,අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දුනි.