Home විදෙස් අහස උසට නගින තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 103 ඉක්මවයි –...

අහස උසට නගින තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 103 ඉක්මවයි – මැයි ඇස්තමේන්තුවත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි මැදපෙරදිග තෙල් ලොව මිල අධිකම තෙල් බවට පත්ව තිබේ.

කලාපයේ පවතින යුද්ධය හේතුකොට ගෙන මෙලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර දෛනිකව එම මිල වෙනස් වීම සුවිශේෂී තත්ත්වයක් ලෙස වාර්තා කර තිබේ.

ඒ අනුව ඩුබායි හි එළඹෙන මැයි මාසය වෙනුවෙන් ඉන්ධන බැරලයකට ඩොලර් 153.25 ක්ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බව සඳහන්. මීට පෙර ඉහලම අගයක් වාර්තාවී තිබුණු 2008 වසරේ මිල ගණන් ද අභිබවා යාමක් ලෙස දැක්වෙයි. ( 2008 දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 147.50ක් ලෙස ඉහළ ගියේය.

එහෙත් මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 153.25 ක් ලෙස තක්සේරු කර ඇති බව දැක්වෙයි.

ඕමාන් බොරතෙල් බැරලයකටද ඩොලර් 147.79 ක වාර්තා ගත මිලක් නියම වී ඇත.

එමෙන්ම ආසියාවට මැදපෙරදිග බොරතෙල් අපනයනය මෙම මාසයේ දිනකට බැරල් මිලියන 11.665 දක්වා පහත වැටී තිබේ. එය යුද්ධය ආරම්භ වීමට පෙර පෙබරවාරි මාසයේදී දිනකට මිලියන 19 කට ආසන්න වූ අතර 2025 මාර්තු මට්ටමට ඊට සාපේක්ෂව 32% කින් පමණ අඩු වී තිබේ.

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ.

එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද වාර්තා වෙයි.