ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස තිබේ.
ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 115 සීමාවද ඉක්මවා ගොස් තිබුණු අතර ආර්ථික විශ්ලේෂකයින් ගණන් බලමින් තිබුනේ යුද්ධයේ පීඩනය වැඩි වුවහොත් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150ත් 200ත් අතර මිලකට ඉහළ යනු ඇති බවටයි.
මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක අගයද ඩොලර් 93.43ක් දක්වා අඩුවී ඇත.
එහි අගයද ඊයේ ඩොලර් 100 ඉක්මවා ගොස් තිබුණි.




