ජනපති අද පාර්ලිමේන්තුව අමතයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...