රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ LNW :
ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීම වෙනුවෙන් මෑතකදී ජපානයේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරයේදී ඔවුන් ජපානයේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය (NIDS) නිරීක්ෂණය කරමින් එහි උපායමාර්ගික පර්යේෂණ කටයුතු පිළිබඳව වැදගත් අවබෝධයක් ලබාගත්හ.
මීට අමතරව, ජපන් නාවික හමුදාවට අයත් ‘JS Maya’ නෞකාවේ කළ සංචාරය හරහා සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික යුධ උපක්‍රම පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
ජපානයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමඟ පැවැත්වූ මෙම සාකච්ඡා මගින් කලාපීය ආරක්ෂාව සහ තාක්ෂණික සහයෝගීතාවය යන ක්ෂේත්‍රවල නව සබඳතා ඇති කරගැනීමට අවස්ථාව හිමි විය.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකා දූත පිරිස ජපාන ආරක්ෂක ප්‍රධානීන්ට මෙරට සංචාරයක නිරත වන ලෙස ආරාධනා කරමින් දෙරටේ ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කළහ.




