මැද පෙරදිග යුද ගැටුම් හමුවේ මත්තල ගුවන් තොටුපළට ඉහළ වටිනාකමක්!

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ LNW :

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ සඳහා පවතින ජාත්‍යන්තර ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා ආයතන කිහිපයක් ශ්‍රී ලංකාව තාවකාලික ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට අවසර ඉල්ලා තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ පවතින කාර්යබහුලත්වය සලකා බලා, අතිරේක ගුවන් ගමන් සඳහා මත්තල ගුවන් තොටුපළ යොදා ගැනීමට රජය මෙහිදී යෝජනා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ගුවන් ගමන් මාර්ගවල සිදුව ඇති බාධාවන් හමුවේ මෙරට පිහිටීම උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වී ඇති බව මෙමගින් පැහැදිලි වෙයි.

මෙලෙස ජාත්‍යන්තර ප්‍රවාහන සේවා සඳහා ශ්‍රී ලංකාව විකල්ප මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීම රටේ ආර්ථික හා ප්‍රවාහන ක්ෂේත්‍රයට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක සාකච්ඡාවක් ලබන සඳුදා දිනයේ (මාර්තු 23) පැවැත්වීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...