මේක සර්වභක්ෂික ආණ්ඩුවක්, අරගලය මර්දනය කරන අයට අපේ සහයෝගය නෑ – සජිත්

Date:

රජය යෝජනා කරන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් වුවද ආණ්ඩුව සැබවින්ම ක්‍රියාත්මක කරන්නේ සර්වභක්ෂික වැඩපිළිවෙලක් බවත් කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ වෙන්නෙ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සියලු වාද භේද අමතක කොට, මතවාද මොහොතකට පසෙකින් තබා මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කරන්න එකතුවෙමු යැයි විපක්ෂ නායකයා සියලු බලවේගවලට ආරාධනා කරනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ කිරීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකයා, ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හෝ නැති කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයිද පැවසීය.

ආණ්ඩුව අතිශය දුර්දාන්ත ලෙස මර්දනය සිය අවිය බවට පත් කොට ගෙන සිටින තත්ත්වයක් තුළ, මර්දනයට එරෙහි ජන පෙළගැස්ම ඊයේ (24) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. ඒ, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයන්ද පැමිණ සිටි අතර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද ඊට එක්ව සිටියහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...