හයිටි කල්ලි ප්‍රහාරයකින් 70 ක් මරුට!

රෂිකා හෙන්නායක මාර්තු 31 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හයිටි රාජ්‍යයේ ආර්ටිබොනයිට් කලාපයේ සිදුවූ දරුණු කල්ලි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ නිල දත්ත ඉක්මවා යමින් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ “ග්‍රෑන් ග්‍රිෆ්” නමැති සන්නද්ධ කල්ලිය නිවාස ගිනිබත් කරමින් මෙම සමූල ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් තම නිවාස අතහැර පලාගොස් ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපොහොසත් වීම දැඩි විවේචනයට ලක්ව ඇත.

රට පුරා ව්‍යාප්ත වන මෙවැනි කල්ලි ගැටුම් හේතුවෙන් හයිටියේ ආර්ථික සහ මානුෂීය අර්බුදය තවදුරටත් දරුණු වෙමින් පවතින බව අවධාරණය කෙරේ.

එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර සංවිධාන මෙම සන්නද්ධ කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් ඔවුන් මර්දනය කිරීමට සහාය පළ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම...

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...