වසර 53කට පසු මිනිසා සඳ ගමනකට සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: වසර 53කට පසු චන්ද්‍රයා වෙත ගමන් කිරීමට නාසා ආයතනය සූදානමින් පසුවෙයි.

ඉංජිනේරු කථිකාචාර්ය තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසුවේ එම චන්ද්‍ර ගමනේ ප්‍රධාන අරමුණ හඳ මත මිනිස් ජනාවාස පිහිටුවීමට ඇති හැකියාව පිළිබද ගවේෂණය කිරීමයි.

මෙම සඳ ගමන ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අළුයම 3.54ට සිදුවන බවයි ගිහාන් වීරසේකර මහතා පැවසුවේ.

කෙසේවෙතත් මෙවර සඳ මතට ගොඩ බැසීමක් සිදුනොවෙයි.

මෙය මිනිස් ශිෂ්ටාචාරයට වැදගත් දිනයක් වන අතර අවසන් වරට පෘතුවියේ සිට හඳට ගියේ 1972දී ඇපලෝ 2 යානයෙනි.

එම සඳ ගමනින් වසර 53කට පසු නැවත එවැනි විශේෂිත දිනයක් ලෝකයටම විවෘත වී තිබෙන අතර එම සඳ ගමනට ගගනගාමීන් සිව් දෙනෙකු සූදානමින් පසුවෙයි.

දැනට ග්‍රහලෝක අතරින් මිනිස් ශිෂ්ටාචාරයක් පවතින්නේ පෘතුවිය මත පමණක් වන හෙයින් අනාගතයේදී යම් සිද්ධියක් මත එනම් ග්‍රාහකයක් පෘතුවිය මත ගැටීමෙන් යම් හානියක් සිදුවුවහොත් මිනිසාගේ පැවැත්මට යම් බලපෑමක් විය හැකි හෙයින් සඳ මත මිනිස් ජනාවාස පිහිටුවීමට ඇති හැකියාව සොයා බැලීම මෙවර සඳ ගමනේ අරමුණ බව ගිහාන් වීරසේකර මහතා පැහැදිලි කළේය.

අනතුරුව අගහරු ග්‍රහයා තුළද මිනිස් ජනාවාස පිහිටුවීමේ හැකියාව පිළිබඳ ගවේෂණය කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...