ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පැවැත්වූ දෙවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වාරයේදී දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත.

එහිදී ප්‍රධානතම ඉලක්කය ලෙස 2030 වසර වන විට දෙරට අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවකට පැමිණ තිබේ.

කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ආරක්ෂක ක්ෂේත්‍රය වැනි අංශ ගණනාවක අත්සන් කිරීමට ඉතිරිව ඇති ගිවිසුම් කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී කැමැත්ත පළ කර ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉදිරි බ්‍රසීල රාජ්‍ය සංචාරය සහ පාර්ලිමේන්තු මට්ටමින් පවතින සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙම සාකච්ඡාවල සමස්ත අරමුණ වූයේ කාලීන ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව දෙරටේ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...