තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසයි.

ඔහු පවසන්නේ මෙරට ඉන්ධන ගොඩබෑම සඳහා පවතින ස්ථාන දෙකෙහිම කාර්යබහුලත්වය හේතුවෙන් නෞකා ගෙන්වා ගැනීම ප්‍රමාද වන බවයි.

නෙත්තිකුමාරගේ මහතා පවසන පරිදි රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමේ ගැටළුවක් නොමැති අතර ඊට අදාළ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් මේ වන විට සාකච්ජා පැවැත්වෙයි.

“රුසියාව එක්ක සාකච්ඡා කරනවා. මේ වෙද්දි අප්‍රේල් සහ පස්වෙනි මාසයේ තෙල් නැව් ගොඩාක් දුරට ස්ථීර කරලා තියෙනවා. එතකොට ලංකාවේ ප්‍රධාන වශයෙන් තෙල් බාන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. එතකොට එවැනි ස්ථානයකට රුසියානු සමාගමකින් ලබාදෙන තෙල් නැවක් එන්න තියෙන දින සහ තාක්ෂණික කාරණා තමා දැන් මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් තෙල් ලබාගන්න පුළුවන් කියන එක ස්ථීර වෙලා තියෙන්නේ.”

එමෙන්ම මේ වන විට ඇනවුම් කර ඇති ඉන්ධන නෞකා අප්‍රේල් මාසයේ මුල් සතියේදී රජය බලාපොරොත්තු වන පරිදි දිවයිනට ළඟා වෙමින් පවතින් බවද ඔහු කියා සිටියි.

ඒ අනුව උත්සව සමය අවසන් වී මැයි මස අවසන් වනතෙක් රට තුළ ඉන්ධන පවතින බවයි නෙත්තිකුමාරගේ මහතා පවසන්නේ.

“හෙට දිනයේ දී තවත් ඩීසල් නැවක් ලංකාවට සේන්දු වෙන්න තියෙනවා. එහි ඩීසල් මෙක්ට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙක්ට්‍රික් ටොන් 5,000ක් පමණ රැගෙන එනවා. ඒ වගේම 6 සහ 7 තවත් ඩීසල් නෞකා දෙකක් එන්න නියමිතයි. එහෙම ගත්තහම අප්‍රේල් මාසයේ මුල් සතියේ දී අපි බලාපොරොත්තු වෙන සියලූම නෞකා ලංකාවට ළඟාවෙමින් තියෙනවා. ඒ වගේම පහුගිය මාසයේ දී අපි බලාපොරොත්තු වුණ සියලුම නෞකා ලංකාවට ළඟාවුණා. ඒ අනුව උත්සව සමය අවසන් වෙලා පස්වෙනි මාසය අවසන් වනතරු ලංකාව තුළ තෙල් තියෙනවා. නමුත් තෙල් මිල අධික නිසා පරිස්සමින් පරිහරණය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවක්

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු...