සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 50කට පසු නාසා ගගනගාමීන් අවසන් ඇපලෝ මෙහෙයුමෙන් අඩ සියවසකට වැඩි කාලයකට පසු නැවත සඳ මතට ගොඩබැසීමට ඓතිහාසික ආටෙමිස් II චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව දියත් කර තිබේ. මෙවර ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ සඳ මත රැඳී සිටීමයි.
මෙම මෙහෙයුම ගගනගාමීන් නැවත සඳට ගෙනැවිත් අවසානයේ අඟහරු ග්‍රහයා වෙත යැවීමේ නාසා ආයතනයේ සැලැස්මේ ප්‍රධාන පියවරක් වන අතර ආටෙමිස් II අභ්‍යවකාශ මෙහෙයුම ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ආරම්භ වී ඇති අතර, ගගනගාමීන් හතර දෙනෙකු මෙලෙස සඳ වටා ඓතිහාසික ගමනක් යවා ඇත.
ආටෙමිස් වැඩසටහනේ දිගුකාලීන ඉලක්කය වන්නේ සඳ මත ස්ථිර ජනාවාසයක් ගොඩනැගීමයි. දියත් කිරීමේ කණ්ඩායම අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධති රොකට්ටුවට ඉන්ධන ගැලුම් 700,000 කට වඩා (ලීටර් මිලියන 2.6) සාර්ථකව පටවා ඇති අතර මෙවර ආටෙමිස් II කාර්ය මණ්ඩලයට නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී ජෙරමි හැන්සන් සඳ වටා දින 10 කට ආසන්න ගමනක් සඳහා සූදානම් වේ.



