එංගලන්තය ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පාවිච්චි කරන ශ්‍රී ලංකා තුරුම්පුව

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 03, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහභාගි වන ,ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත කාන්තා 19 න් පහළ කණ්ඩායම් ද සිටින තුන්කොන් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම සතුව සිටින ප්‍රබල ක්‍රීඩිකාවක් වන වීනස් වීරප්පුලි ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ක්‍රීඩිකාවකි. පිය උරුමයෙන් ක්‍රිකට් පිටියට පිවිස සිටින වීනස්ගේ පියා ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරගවලදී කෝල්ට්ස්,එන්සීසී,ලන්කන් සහ ද්‍රවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කරමින් තරග 36 දී ලකුණු 1243 ක් රැස් කර ඇත්තේ අර්ධ ශතක අටක් ද සමඟය.

අජන්ත සහ බිරිඳ ක්‍රීස්ටීන් මව්බිමෙන් සමුගෙන එංගලන්තයට යන්නට තීරණය කර අතර,මේ වන විටත් ක්‍රිකට්වලින් බැහැරව නැති ආදී නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා පුහුණු ඇකඩමියක් පවත්වාගෙන යනවා.මේ සෙවනැල්ල පසුපසින් ඇවිද එන්නියක වන විනුලි වීනස් වීරප්පුලි අද වන විට සැබෑවටම විද්‍යාමාන වෙන දක්ෂතා හෙබි ක්‍රීඩිකාවක වී ඇත.එංගලන්තය බිහිකළ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චාලට් එඩිවඩ්ස් නමින් පිරිනමන එංගලන්තයේ අවුරුදු 16 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වන්නේද වීනස් ය.එතැනින් 19 න් පහළ සංචිතයට විවර වුණ දොරටුව ඔස්සේ මෙවර ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ද ක්‍රීඩා කරන්න සිඳුවෙන ඔස්ට්‍රේලියානු සංචාරයට කැඳවා ඇත.

ඇය දකුණත් පා දඟ පන්දු යවන්නියක වන අතර ඇයගේ පියා කටයුතු කර ඇත්තේ වමත් පා පිට දඟ පන්දු යවන්නියක ලෙසය.එහෙත් අත් දෙක වෙනස් සහ දඟ කැවීමද වෙනස් වීම නිසාම වමත් හෝ දකුණත් පිතිකරුවන්ට මෙ පියාට සහ දුවට මුහුණ දීමේදී එකම අතට දඟ කැවීමකට මුහුණ දෙන්නට සිඳු වන්නේය.එය සමහර විට වීනස්ට පිතිකරුවා හරහා පන්දුව යැවිය යුතු මාර්ගය ගැන අවබෝධයක් ගන්නට තාත්තාගෙක් උපදෙස් ගත හැකි හොඳ ඉඩක්ය.

මේ වන විට ඇයගෙ සොහොයුරාද යොවුන් ක්‍රීඩකයෙක් ලෙස එංගලන්තය දන්නා අතර,වීනස් මේ වන විට එංගලන්තයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඉාවේ විශාල බලාපොරොත්තුවක් ලෙස ලියලමින් ඉන්නේය.ඒත ඇය ලංකාවට පැමිණෙන්නට ලැබෙන අවස්ථාවල කොළඹ ක්‍රිකට් පිටිවල රස්තියාදු ගසමින්,ඇය ආසා කරන ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින තැන් හී ගැවසෙමින් ඔවුන් ඇසුරු කරන්නට කාලය වෙන් කර ගන්නීය.

ඇය පවසන සිහින තාරකාවක් මෙන්ම ඇය ආදර්ශයට ගන්නියක් ලෙස ඉහළින්ම අගය කරන්නිය චමරි අතපත්තුය.චමරි හඹා යන්නියක වන වීනස් ආරම්භ වන තුන් ඉරියව් තරගාවලියේදී ද සිය පන්දුව පමණක් නොව පිත්ත ද ප්‍රතිවාදීන්ට එරෙහිව තර්ජණාත්මකව ඔසවනවා සැක නැත.ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ වීනස් සමහර විට හෙට සම්පූර්ණයෙන්ම ලංකවටත් අයිති වන්නට ඉඩ ඇත.එහෙත් දක්ෂයාට ලොව කොහේ සිටියත් දක්ෂයා හැටියට අපි සුබ පැතිය යුතු වන්නෙමු.

වීනස් ඔබට සුබ පැතුම්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...