දකුණු ලෙබනනයේ සෞඛ්‍ය පද්ධතියට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර!

රෂිකා හෙන්නායක අප්‍රේල් 03 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා විසින් දකුණු ලිබනනයේ සෞඛ්‍ය පද්ධතිය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මගින් එරට සිදුවන දැවැන්ත මානුෂීය අර්බුදයකට මුහුණ දී තිබේ.

රෝහල්, ගිලන් රථ සහ වෛද්‍ය කාර්ය මණ්ඩල වෙත එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අහිමි වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය නිවාස අතහැර යාමට සිදුව ඇත.

ජාත්‍යන්තර නීතියට අනුව වෛද්‍ය පහසුකම් ආරක්ෂිත ස්ථාන ලෙස සැලකිය යුතු වුවද, මෙම ප්‍රහාර මගින් සෞඛ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීම සිදු කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

දකුණු ලිබනනය මිනිසුන්ට වාසය කළ නොහැකි කලාපයක් බවට පත් කිරීමේ උපාය මාර්ගයක් ලෙස මෙම විනාශය සිදුවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම ගැටුම් හේතුවෙන් ලිබනනයේ සෞඛ්‍ය අංශය බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බැවින් වහාම සටන් විරාමයක් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...