ඇමරිකානු හමුදා ප්‍රධානීන් ඉවත් කිරීම සහ පෙන්ටගනයේ දේශපාලනික වෙනස්කම් රැසක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 03 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් එරට හමුදා ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ඒ. ජෝර්ජ් ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින් ඉවත් කිරීම පිළිබඳව වාර්තා වේ.

මෙම හදිසි තීරණයට හේතුව ලෙස වාර්තා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ දැක්මට අනුකූල වන පුද්ගලයින් පත්කිරීමට ඇති වුවමනාව සහ උසස්වීම් සම්බන්ධයෙන් පවතින මතභේදයන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය සමඟ යුධමය වාතාවරණයක් පවතින මෙවන් අවස්ථාවක සිදු වූ මෙම ඉවත් කිරීම් තුළින් ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය දේශපාලනීකරණය වන බවට බරපතල කතාබහක් නිර්මාණය වී ඇත.

මීට අමතරව, හමුදා පුහුණු අංශයේ සහ ආගමික කටයුතු පිළිබඳ ප්‍රධානීන් ද ඉවත් කර ඇති අතර, මෙම පියවරයන් යුධ හමුදාවේ අනාගත ගමන් මඟ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව පැහැදිලි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...