ඩිජිටල් සේවා පරිභෝජනය කරන දේශීය පරිශීලකයින්ට සහ විදේශීය ආයතනවලට සහනයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 05, කොළඹ LNW :

ශ්‍රී ලංකා රජය විසින් මෙරටට සේවාවන් සපයන විදේශීය ඩිජිටල් ආයතන සඳහා පැනවීමට නියමිතව තිබූ සියයට 18 ක වැට් (VAT) බද්ද ක්‍රියාත්මක කිරීම නැවත වරක් ප්‍රමාද කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, මෙම බද්ද අය කිරීම ජූලි මස 01 වනදා දක්වා කල් දමා ඇත්තේ අදාළ පනතට අවශ්‍ය නීතිමය සංශෝධන මෙතෙක් සිදු කර නොමැති බැවිනි.

මීට පෙර කිහිප වතාවක්ම මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට දින නියම කර තිබුණද, විවිධ හේතූන් මත එය කල් දැමීමට රජයට සිදු විය.

ඒ අනුව, අදාළ සංශෝධිත පනත සම්මත වන තෙක් විදේශීය ඉලෙක්ට්‍රොනික සේවා සැපයුම්කරුවන්ගෙන් මෙම බද්ද අය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම තීරණය මගින් ඩිජිටල් සේවා පරිභෝජනය කරන දේශීය පරිශීලකයින්ට සහ විදේශීය ආයතනවලට අමතර සහන කාලයක් හිමි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...