ඉරාන ප්‍රහාර හේතුවෙන් කුවේටයේ විදුලි බලාගාර හා ජල බලාගාර වලට විශාල හානි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේටයේ විදුලිබල හා ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් දෙකක් හා බොරතෙල් පහසුකම් වලට හානි සිදුවූ බව කුවේට් රජය නිවේදනය කර තිබේ.

කුවේටයේ, රටේ පානීය ජලයෙන් සියයට 90 ක් පමණ මෙම කම්හල් වලින් ලැබෙන අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කුවේට්හි විදුලිබල, ජල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ෆාතිමා අබ්බාස් ජොහාර් හයාත් ප්‍රකාශ කර තිබුණේ, සාපරාධී ආක්‍රමණය හේතුවෙන් කම්හල් දෙකට එක රැයකින් බරපතල ද්‍රව්‍යමය හානියක් සිදු වූ බවත්, විදුලි උත්පාදනය ඇණහිට ඇති බවත්ය.

මෙම ප්‍රහාරය කුවේටයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගත් නවතම සිදුවීම වන අතර මෙම ප්‍රහාරයත් සමඟ ෂුවයික් තෙල් අංශ සංකීර්ණයේ ගින්නක් ඇති වූ අතර රජයේ කාර්යාල සංකීර්ණයකට සැලකිය යුතු හානියක් ද සිදුව ඇත.

පෙබරවාරි 28 සිට ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය අවස්ථා ගණනාවකදී ගල්ෆ් රටවල මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර ගණනාවක් එල්ල කර ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව, කුවේට් පසුගිය දින කිහිපය තුළ ඉරාන ප්‍රහාරවල “කේන්ද්‍රස්ථානය” වී ඇත.

කලාපයේ ඇමරිකානු හමුදා කඳවුරු සහ ඇමරිකානු වත්කම් වලට පමණක් සැබවින්ම පහර දෙන බව ඉරානය පවසා ඇති නමුත් ඉරානය කලාපයේ සිවිල් යටිතල පහසුකම් සහ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් ද ඉලක්ක කර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...