අභාවප්‍රාප්ත ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ ඥාතීන් ඇමරිකාවේදී අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ බලවත්ම හමුදාපතිවරයකු වූ ප්‍රභූ කුඩ්ස් බලකායේ ප්‍රධානියා ලෙස මැදපෙරදිග ඉරාන හමුදා මෙහෙයුම් සඳහා නායකත්වය දෙනු ලැබූ අභාවප්‍රාප්ත ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ ලේලිය සහ මිණිබිරියඅත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

හමිදේ සොලෙයිමානි අෆ්ෂාර් සහ ඇගේ දියණියගේ නීත්‍යානුකූල එක්සත් ජනපද ස්ථිර පදිංචිය පිළිබඳ තත්ත්වය රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් ඊයේ(04) දිනයේදී අවලංගු කිරීමත් සමඟ ඔවුන් අත්අඩංගුවට පත්ව මේ වන විට රටින් ඉවත් කිරීමට නියමිතව සිටියි.

2020 දී එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඉරාකයේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය ගිය අතර 2015 දී සංචාරක වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයට ඇතුළු වූ සොලෙයිමානි අෆ්ෂාර්ට 2019 දී සරණාගතභාවය ලබා දී 2021 දී හරිත කාඩ්පත් හිමියෙකු බවට පත් වූ ඇත. 2025 දී ස්වභාවිකකරණ අයදුම්පතක් සඳහා ගොනු කිරීමේදී, ඇය හෙළි කළේ හරිත කාඩ්පත ලැබීමෙන් පසු ඇය ඉරානයට සිව් වතාවක් ගොස් ඇති බවයි.

ඒ අනුව, ඇගේ ඉරාන චාරිකාවලින් පෙනී යන්නේ ඇගේ සරණාගත හිමිකම් වංචනික බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අතර සොලෙයිමානි අෆ්ෂාර්ගේ දියණිය වන සරිනාසාදත් හොසේනි 2015 දී ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි බවත් පසුව 2019 දී සරණාගතභාවය සහ 2023 දී හරිත කාඩ්පතක් හිමිව සිටි අතර ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඉරාන පාලන තන්ත්‍ර ප්‍රචාරණය ප්‍රවර්ධනය කර තිබීම අවුන් රටින් පිටුවහල් කිරීම හේතු වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් සොලෙයිමානිගේ දියණිය වන නර්ජෙස් සොලෙයිමානි ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දිවි පිදූ සොලෙයිමානි සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත්, ඇමරිකා එක්සත් ජනපදය ඉතා දුර්වල හා නොවැදගත් වී ඇති බවත්, ශ්‍රේෂ්ඨ චරිතයකට එරෙහිව බොරු ගොතමින් සිටින බවත්ය.,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...