රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මැදපෙරදිග කලාපයේ කළ සංචාරයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඇය සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නායකයන් හමුවී කලාපීය ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.
යුරෝපයේ සහ ඉතාලියේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පර්සියානු ගල්ෆ් කලාපයේ ස්ථාවරත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව ඇය මෙහිදී අවධාරණය කළාය.
විශේෂයෙන්ම එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය හමුවේ මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුවී තිබේ.
ලෝක දේශපාලන අර්බුද හමුවේ බලශක්ති සුරක්ෂිතතාව සහ සාමය පවත්වා ගැනීමට ගල්ෆ් කලාපයේ සහයෝගය ඉතා වැදගත් බව මෙමඟින් පෙන්වා දෙයි.



