*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ආසියානු කුසලානයේ අපේ ඉදිරි ඉරණම ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය අතේ

මෙවර ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් අපි ඇෆ්ගනිස්තානයට එරෙහිව බරපතල පරාජයක් ලැබුවා.ඒක ඇෆ්ගන් කණ්ඩායම වැනි කණ්ඩායමකින් ලැබීම ගැන හුඟක් අයට ගැටළුවක් වුණත් ඇත්තටම ගැටළුව විය යුත්තේ පරාජය මිස ඒ පරාජය වූයේ කාටද යන්න නොවේ.මේ වන විට ඇෆ්ගන් කන්ඩායම ලෝක ක්‍රිකට් කරළියට පිවිස ටෙස්ට් ජාතියක් බවට පත් වී ත් වසර ගණනක් ගත වෙනවා.ඔවුන් රටක් නැති රටක කණ්ඩායමක් වන්නේ නැහැ.ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ඇෆ්ගනිස්තානයේ නොවන අතර ඔවුන් බොහෝ දෙනා වෘත්තීය මට්ටමෙන් වෙනත් රටවලට ක්‍රීඩා කරනවා.
නමුත් මේ පරාජයේ දැවන්ත බව නිසාම ආසියානු කුසලාන තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට ඒම සඳහා අපට බංගලාදේශය පරාජය කිරීම ප්‍රමාණවත් වන එකක් නැහැ.පරාජය කරන්නේ කුමනාකාරයෙන්ද කියන කාරණයත් අදාළ වෙනවා.ශ්‍රී ලංකාව බංගලාදේශය පරාජය කිරීම වගේම ඇෆ්ගනිස්තානයත් බංගලාදේශය පරාජය කළොත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට පුළුවන්.නමුත් බංගලාදේශය ඇෆ්ගනිස්තානය පරාජය කළහොත් ඊට පසුව අප බංගලාදේශය පරාජය කළත් පරාජය කර තිබෙන්නේ කෙසේද යන්න ගැන සළකා බලන්න වෙනවා.මන්ද ශ්‍රී ලංකාව ඇෆ්ගන් තරගයේදී ලබා ගත් ලකුණු 105 ක් පමණයි.එය පන්දු ඕවරයකට ලකුණු 5.33 ක ලකුණු ලබා ගැනිමේ වේගයක්.ඇෆ්ගනිස්තානය එම ලකුණු ප්‍රමාණය ඉක්මවා ගියේ පන්දු ඕවර් 10.1 තුළයි.එහිදී ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වන්නේ පන්දු ඕවරයකට ලකුණු 10.42 ක් ලෙසයි.
මේ තත්ත්වය ශ්‍රී ලංකාවට බංගලාදේශයේ සහ ඇෆ්ගනිස්තානයේ හැසිරීම බලපාන්න ප්‍රබලතම හේතුවක් වෙනවා.ඇෆ්ගනිස්තානයට ශ්‍රී ලංකාව මෙන්ම බංගලාදේශ කණ්ඩායමත් පරාජය වුණොත් සහ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය පරාජය කළොත් හැර ශ්‍රී ලංකාවට බංගලාදේශය පරාජය කළත් බංගලාදේශය ඇෆ්ගනිස්තානය පරාජය කරනවානම් එම කණ්ඩායම් ලකුණු ලබා ගැනීමේදී ක්‍රියා කර ඇති ආකාරය අනුව ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය වීමට නියමිතයි.
ඊයේ ශ්‍රී ලංකාව තමන්ගේ හොඳම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සහ මෑතකදි කැපී පෙණුන බිනුර ප්‍රනාන්දු නැතිව තරගයට පිවිසි ආකාරය පරාජයට යම් තරමකට බලපෑවාද? එයට පිළිතුර ඔව් එත් ටිකයි යන්නයි.මන්ද ඊයේ අර්බූදය ආරම්භ වන්නේ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම නිසයි.කඩුලු 3 ක් ලකුණු 5 ක් තුළ අහිමි කර ගන්න කණ්ඩායමක් ගොඩ ගැනීම සඳහා අවශ්‍යය වන මාර්ගය සකසා දීමට ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ගත්ත උත්සාහය අගය කළ යුතුයි.නමුත් ලකුණු 49 දී ධනුෂ්ක දැවී යාමෙන් පසුව ඒ තත්ත්වය රැක ගැනීම සඳහා සුදුසු පිතිකරුවා වනිඳු ද යන්න පශ්චාත් විමර්ශනයදී ශ්‍රී ලංකාව කල්පනා කළ යුතුයි.වනිඳුගේ නික්ම යාමෙන් පසු දසුන් ශානකගේ මැදිහත්වීම එක පන්දුවකට සීමා වුණ පසුව මෑත කාලයේ කණ්ඩායම වෙනුවෙන් සිටින හොඳම ප්‍රායෝගික සටන්කරුවා වන චාමිකට වගකීම අතට ගන්න සිඳු වුණේ තනියෙන්.
එහිදි ඇතැමෙක් නඟන තර්කය දිල්ෂාන් මධුශංඛ සමඟ එක ලකුණට නොයෑම ගැන සහ ආසන්න දෙකේ ලකුණුවලට උත්සාහ නොකිරීම ගැන.නමුත් එවැනි දේ කරන්න ඉතිරිව තිබුණේ එක කඩුල්ලක් පමණයි.ඔහුට විනාඩ 23 ක් පුරා පන්දු දෙදකට පමණක් මුහුණ දීමට ඉඩ හරිමින් චාමික ගත් තීරණයේ නිවැරදිකම වඩාත් හොඳින් ඔප්පු වූ අවස්ථාව ඩිල්ෂාන් මුහුණ දුන් දෙවන පන්දුවේදී ඔහු දැවී ගිය බවට තෙවන විනිසුරු වෙත යොමු වීම.කෙසේ හෝ වෘත්තීය මට්ටමේ ක්‍රිකට් පිළිබඳ අවබෝධයක් ජාතික කණ්ඩායමක තීරණ ගන්නා අයට තිබෙනවා.ඒ නිසා සාමාන්‍ය ජනමතය වන චාමික දක්ෂතා අතරට එන්නට එන්නට පිතිකරු නාමාවලියෙන් පහළට තල්ලු කිරීම ඒ දැණුමෙන් කරන දෙයක් නිසා විවේචනය කළ ද පලක් නැහැ.
හේතුවක් හැටියට කීමට ඇත්තේ නිවැරදි කළ යුතුව තිබූ පැතුම් නිශ්ශංකගේ නිරපරාදේ දැවී යාම තෙවන විනිසුරු වශයෙන් සිටි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට තෙවසරක්ම ක්‍රීඩා කළ ජයරාමන් මදන්ගෝපාල් විසින් නිවැරදි නොකිරීමයි.කලෙක තමිල්නාඩුවේ සිට පැමිණි ඔහු මෙන්ම තවත් අයත් ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරා.ඒ ක්‍රීඩාව සහ ඔහුගේ තිරණ අතර සම්බන්ධයක් මතු කිරීම ඒ පිළිබඳව සටහනේ අරමුණ නොවුණත් ආසියාවේ ක්‍රිඩාවේ ප්‍රබලයා වන ඉන්දියාවට පවා ක්‍රිකට් හි යම් යම් මාර්ගවලින් ඉදිරියට එන්නට කාලයක ලංකාව භාවිතා කිරිමට ඉඩ තිබි තිබෙනවා.ජයරාමන් 2004 සිට 2007 දක්වා ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර තිබෙනවා.
පැතුම් කඩුල්ලේ රැදී සිටියානම් සහ ඔහු යම් ලකුණු ප්‍රමානයක් රැස් කරා නම් ඒ දායකත්වය ඇතුව ශ්‍රී ලංකාව ලබාගන්නා ලකුණු ප්‍රමානය මීට වඩා වෙනස් වන්නට තිබුණ බව පැහැදිළියි.නමුත් එම සිඳුවීමෙන් බැහැරව ශ්‍රී ලංකා පිතිකරුවන් සතුටු විය හැකි මට්ටමෙන් ලකුණු ලබා ගත්තේද යන්න සහ පිතිකරු නාමාවලිය නිවැරදිව නිශ්චිත තැන්වලට සකස් කර තිබුණාද යන්නත් ගැටළුවක් බව කිව යුතුයි.
ඇෆ්ගන් ආරම්භක පිතිකරු යුගලය ගෙවී යන මොහොතේ 20/20 ක්‍රිකට් පිටියේ සිටින ප්‍රහාරාත්මකම ආරම්භක පිතිකරු යුගලයක්.ඒ වගේම අපූරු සංයෝජනයක්.ඊයෙත් ඒ බව හෂරතුල්ලා ෂෂායි සහ රහමදුල්ලා ගුර්බාස් සහතික කළා.ආරම්භක කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 83 ක් එක් කර අතර එහිදි ගුර්බාස් ලකුණු 40 ක් සඳහා වැය කළේ පන්දු 18 ක් පමණයි.එයට හතරේ පහර තුනකින් සහ හතරේ සිමාවට ඉහළින් පතිත වූ පහරවල් හතරකින් එකතු වූ ලකුණු 36 ක් ම තිබුණා.නමුත් ඊයේ ඒ ප්‍රහාරයට වඩා වැදගත් වුණේ ශ්‍රී ලංකාවේ කඩුලු දඩයමයි.එම කාර්යය නිවැදිව කළ ෆසාල්හක් ෆරූකි ලකුණු 11 ට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.
කෙසේ හෝ ගිය නුවණ බංගලාදේශය සමඟ තරගයට වටිනාකමක් එකතු කරයි කියා විශ්වාස කරනවා.පරාජයේ ස්වභාවය අනුව බංගලාදේශය පරාජය කිරීමම අවසාන පූර්ව වටයට ප්‍රවේශය තනා දිය හැකි යැයි විශ්වාස කළ නොහැකි මට්ටමට ශ්‍රී ලංකාවේ ඉරණම අවිනිශ්චිත කර ඇතත්,අඩුම තරමේ ගෙදර එන විට බංගාදේශය පරාජය කිරීමේ සතුටවත් රැගෙන එන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබේවායි LNW ප්‍රාර්ථනා කරනවා.


RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan