ඊශ්‍රායලය ජාත්‍යන්තර ආයතනවලින් ඉවත් කළ යුතු බව ස්වීඩනය හා නෙදර්ලන්තය කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ස්වීඩනය හා නෙදර්ලන්තය විසින් ඊශ්‍රායලය ජාත්‍යන්තර ආයතනවලින් ඉවත් කළ යුතු බවට යෝජනා කර තිබේ.

ස්වීඩන් සහ නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරුන් විසින් යුරෝපා සංගමය වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇති අතර ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් ඊශ්‍රායලය හුදකලා කිරීමට, කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය පිළිබඳ ඊශ්‍රායල නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීමටත්, අන්තවාදී ඊශ්‍රායල ඇමතිවරුන්ට සහ ප්‍රචණ්ඩකාරී පදිංචිකරුවන්ට එරෙහිව ඉලක්ක කරගත් සම්බාධක පැනවීමටද ඉල්ලා සිටී.

මෙම තත්වය විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාවරයට සෘජු අභියෝගයක් එල්ල කරන අතර ඉරානයට එරෙහි ඇමරිකා හා ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් මැදපෙරදිග නොසන්සුන්තාවය හේතුවෙන් ඇතිවන ආර්ථික බලපෑම් හමුවේ, බොහෝ රටවල් තම විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව නැවත සිතා බැලීමට පෙළඹී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...