ආපදා තත්ත්වය හේතුවෙන් වගාවන්ට හානි වූ ගොවියන් 441කට වන්දි

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් වගාවන්ට හානි වූ ගොවියන් 441 දෙනෙකු සඳහා වන්දි මුදල් ලබාදීමට අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මහනුවර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල වගා කටයුතු කරන ගොවියන් සඳහා මෙම වන්දි මුදල් ලබා දුන් බවත් එළවළු, පළතුරු සහ අතිරේක බෝග වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි මුදල් ලබා දුන් බව හසලක අන්තර් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.ඒ.එස්.ඒ.බණ්ඩාර මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ගොවියන් 190ක් සඳහා රුපියල් ලක්ෂ පනස් අටක මුදලක් වන්දි වශයෙන් ලබා දුන් බව කී ඒ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවියන් 180 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පනස්නමයක මුදලක් වගා හානි වන්දි වශයෙන් ලබා දුන් බව පැවසුවේය.

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවියන් 71 දෙනෙකු සඳහා රුපියල් විසිතුන් ලක්ෂ හතළිස්පන්දහසක මුදලක් වන්දි වශයෙන් ලබා දුන් බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...