රෂිකා හෙන්නායක අප්‍රේල් 08, කොළඹ LNW :
NDB බැංකුවේ සිදුවූ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාව හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ තුළ එම බැංකුවේ කොටස් මිල 15%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව වාර්තා වේ.
තාවකාලික ගනුදෙනු තහනම ඉවත් කිරීමෙන් පසු එම බැංකුව මෙදින වෙළඳපොළේ වැඩිම පිරිවැටුම වාර්තා කළ ආයතනය බවට පත්වූ අතර, සමස්ත කොටස් මිල දර්ශකය පහත හෙලීමට ද එය ප්‍රධාන වශයෙන් බලපෑවේය.
NDB බැංකුවේ මෙම දැඩි පසුබෑම හමුවේ වුවද, අනෙකුත් ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල කොටස් මිල ගණන් එදින යම් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
බැංකු ක්ෂේත්‍රයේ දර්ශකය සුළු වශයෙන් පහත වැටුණද, වෙළඳපොළ තුළ සිදුවූ සමස්ත ගනුදෙනු ප්‍රමාණයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් NDB බැංකුව ආශ්‍රිතව සිදුවීම විශේෂත්වයකි.
මේ අනුව මූල්‍ය අක්‍රමිකතාවක් වෙළඳපොළ ස්ථාවරත්වයට සහ ආයෝජක විශ්වාසයට එල්ල කරන සෘජු බලපෑම මැනවින් පැහැදිලි කරයි.



