සටහන – රුවන් නෙළුගොල්ල
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය.
මෙම විශ්වාසභංගයට අදාළ විවාදය අද පෙරවරුවේ සිට පාර්ලිමේන්තුවේදී පැවති අතර මීට මඳ වේලාවකට පෙර ඒ සම්බන්ධ ඡන්ද විමසීම පැවැත්විණි.
එහිදී කුමාර ජයකොඩි ඇමතිවරයාට පක්ෂව ඡන්ද 153 ක් හිමිවූ අතර ඔහුට එරෙහිව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 49 ක් පමණි.
නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 9ක් හේතුවෙන් ගල් අඟුරු අධිපරිභෝජනයෙන් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් යැයි දැනට ඇස්තමේන්තු කර ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් මීට දින කිහිපයකට නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබිණි. මෙහි සමස්ත පාඩුව මීට වඩා තවත් මිලියන දස දහස් ගණනකින් ඉහළ යා හැකි බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් ප්‍රකාශ කර ඇත්තේ.




