නිශාන් පිත්තෙන් සහ අසිත පන්දුවෙන් ‍

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 11, කොළඹ LNW:

ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දස්කම් දක්වන ලද ක්‍රීඩකයන්ට එම දස්කම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ලැබුණ හොඳ අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.
මේ වන විට ක්‍රියාත්මකව පවතින තරගාවලියේ දත්ත සළකා බැලීමේදී පන්දු යැවීමෙන් ඉසිත විජේසුන්දරත්,පිතිකරණයෙන් නිශාන් මධුෂ්කත් පෙරමුණ ගෙන සිටිනවා. ඉසිත එක තරගයක් නිමාවේ ලකුණු 90 ක් ලබා දෙමින් කඩුලු 7 ක් දවා ගන්නට සමත්ව සිටිනවා.ඔහු එම තරගයේදී ඉණිමකදී ලකුණු 56 ට කඩුලු 5 ක් බිද දමන්නටත් සමත් වෙනවා.


නිශාන් මධුශ්ක ලකුණු 204 ක් එක තරගයක් තුළ ලබා ගෙන සිටින අතර ඔහු ඒ වෙනුවෙන් නොදැවි ලබා ගත් ලකුණු 107 ක් ද ඇතුළත් කර තිබෙනවා.පිතිකරණයේ දී කවීන් බණ්ඩාර ද නොදැවී ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර නිශාන සහ කවීන් දෙදෙනාම දඹුල්ල කණ්ඩායමේ සාමාජිකයන් වෙනවා.


කඩුලු 5 ක් සමඟ කඩුලු 7 ක් ලබා ගෙන පෙරමුණ ගෙන සිටින අසිතට පසුව චාමික ගුණසේකර ද ඉණිමක කඩුලු 5 ක් දවා ගන්නට හැකිව තිබෙනවා.චාමික ලකුණු 45 ට කඩුලු 5 ක් බිඳ දැමූ අතර ඔහු සම්පූර්ණයෙන් එම තරගයේ දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 71 ට කඩුලු 6 ක් ලෙසයි.ඉසිත ගාල්ල කණ්ඩායම නියෝජනය කරන අතර චාමික නියෝජනය කරන්නේ මහනුවර කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...