ට්‍රම්ප්ගේ විරෝධයෙන් පසු එක්සත් රාජධානිය චාගෝස් ගිවිසුම අත්හිටුවයි!

සටහන – පුලී

අප්‍රේල් 12, LNW (කොළඹ): ඇමරිකා එක්සත් ජනපදය සිය අනුමැතිය නිල වශයෙන් තහවුරු කිරීමට අපොහොසත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සබඳතා නරක අතට හැරෙමින් තිබියදී, සර් කීර් ස්ටාර්මර් ඔහුගේ චාගෝස් දූපත් ගනුදෙනුව අත්හිටුවා තිබේ.

ගිවිසුමට සහයෝගය පළ කළද, ගිවිසුම අවලංගු කරන ලෙස ට්‍රම්ප් ස්ටාර්මර්ගෙන් ඉල්ලා සිටියේය. ඉකුත් ජනවාරි මාසයේදී ට්‍රම්ප් මෙම සැලැස්ම සම්පූර්ණ දුර්වල ක්‍රියාවක් ලෙස ද හැඳින්වීය.

බ්‍රිතාන්‍ය භූමියේ ස්වෛරීභාවය මොරිෂස් රාජ්‍යයට පවරන ගිවිසුම සම්පූර්ණයෙන්ම අත් නොහරින බව එක්සත් රාජධානියේ රජයේ නිලධාරීන් පවසා ඇති නමුත් ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර නීති සම්මත කිරීමට කාලය මදි පාඩුවක් වී ඇති බවට පැවසේ.

කෙසේ වෙතත්, මැයි මැද භාගයේ පැවැත්වෙන රජුගේ කතාවේ නව චාගෝස් පනත් කෙටුම්පතක් ඇතුළත් නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියට තවමත් ඇමරිකා එක්සත් ජනපදයෙන් විධිමත් ලිපි හුවමාරුවක් ලැබී නොමැති බව වටහා ගත හැකි නමුත් එය ගිවිසුම බලාත්මක කිරීම සඳහා අවශ්‍යම නීතිමය අවශ්‍යතාවයකි.

චාගෝස් දූපත් ඉන්දියානු සාගරයේ පිහිටා ඇති අතර 19 වන සියවසේ මුල් භාගයේ සිට බ්‍රිතාන්‍යය ඒවා පාලනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...