සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය විසින් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 450 කට ආසන්න අවු ගනුදෙනුවක් සම්මත කරමින්, එයට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනා දෙකම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
ඩොලර් මිලියන 295 ක බුල්ඩෝසර් සම්බන්ධ යෝජනාව 59–40 ලෙසත්,ඩොලර් මිලියන 151.8ක් වටිනා BLU-110 බෝම්බ 12,000 ක් සම්බන්ධ යෝජනාව 63–36 ලෙසත් ජයග්‍රහණය කර ඇත.
මෙම තීරණයත් සමඟ,ඇමරිකාවෙන් ඊශ්‍රායලයට යුද උපකරණ සැපයීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවසර ලැබී ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂය සමඟ තරඟ වදින ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන වර්මොන්ට්හි සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලය මෙම කුරිරුකම් අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජනපදය අප සතුව ඇති ලීවරය ලෙස බිලියන ගණනක අවි සහ හමුදා ආධාර භාවිතා කළ යුතු බවයි.

