එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය ඊශ්‍රායලයට ඩොලර් මිලියන 450 කට ආසන්න අවි ගනුදෙනුවක් සම්මත කරයි.

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය විසින් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 450 කට ආසන්න අවු ගනුදෙනුවක් සම්මත කරමින්, එයට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනා දෙකම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

ඩොලර් මිලියන 295 ක බුල්ඩෝසර් සම්බන්ධ යෝජනාව 59–40 ලෙසත්,ඩොලර් මිලියන 151.8ක් වටිනා BLU-110 බෝම්බ 12,000 ක් සම්බන්ධ යෝජනාව 63–36 ලෙසත් ජයග්‍රහණය කර ඇත.

මෙම තීරණයත් සමඟ,ඇමරිකාවෙන් ඊශ්‍රායලයට යුද උපකරණ සැපයීම තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවසර ලැබී ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂය සමඟ තරඟ වදින ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන වර්මොන්ට්හි සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලය මෙම කුරිරුකම් අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජනපදය අප සතුව ඇති ලීවරය ලෙස බිලියන ගණනක අවි සහ හමුදා ආධාර භාවිතා කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක්ගෙන් ඇමරිකානු දරුවන්ට ඩොලර් බිලියන 10ක SpaceX කොටස් තෑගී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...