ඇමරිකාව ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අල්ලා ගනියි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපද නාවුක හමුදාව විසින් ඉරානයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදය සිය නාවික අවහිර කිරීමේ කොටසක් ලෙස ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබු ටූස්කා නෞකාව ට නතර කරන ලෙස කළ අනතුරු ඇඟවීමකට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, අඩි 900 කට ආසන්න දිග සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තරම් බරින් යුත් ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අපගේ නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගනු ලැබූ බවත්, ටූස්කා නෞකාවට නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෙර ඉතිහාසයක් ඇති නිසා එය එක්සත් ජනපද භාණ්ඩාගාර සම්බාධක යටතේ පවතින බවයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) එක්සත් ජනපද අවහිර කිරීමම් හා සටන් විරාම ගිවිසුම් නියමයන් උල්ලංඝණය හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්ධිය තාවකාලිකව නැවත විවෘත කිරීමක් අවසන් කරන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම සිදුවීම සිදුව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය සිය නාවික අවහිරය අවසන් කරන තෙක් හොමුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවට නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...