සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපද නාවුක හමුදාව විසින් ඉරානයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපදය සිය නාවික අවහිර කිරීමේ කොටසක් ලෙස ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබු ටූස්කා නෞකාව ට නතර කරන ලෙස කළ අනතුරු ඇඟවීමකට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, අඩි 900 කට ආසන්න දිග සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තරම් බරින් යුත් ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අපගේ නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගනු ලැබූ බවත්, ටූස්කා නෞකාවට නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෙර ඉතිහාසයක් ඇති නිසා එය එක්සත් ජනපද භාණ්ඩාගාර සම්බාධක යටතේ පවතින බවයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) එක්සත් ජනපද අවහිර කිරීමම් හා සටන් විරාම ගිවිසුම් නියමයන් උල්ලංඝණය හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්ධිය තාවකාලිකව නැවත විවෘත කිරීමක් අවසන් කරන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම සිදුවීම සිදුව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය සිය නාවික අවහිරය අවසන් කරන තෙක් හොමුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවට නිවේදනය කර ඇත.

