කෝටි 167 ක බදු වංචා චෝදනාවකට අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

Date:

ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

මෙන්ඩිස් සමාගම විසින් රුපියල් කෝටි 167 ක බදු මුදලක් ගෙවීම පැහැර හැර වංචාවක් සිදුකර ඇති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුවයි මෙසේ සිතාසි නිකුත් කර තිබෙන්නේ.

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු ලෙසද නම්කර සිටින අර්ජුන් ඇලෝසියස් මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුද වේ.

මීට පෙර මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතුද අත්හිටුවා තිබූ අතර කෙසේ නමුත් පසුව අධිකරණය විසින් අදාල තහනම ඉවත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...