*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ගෝඨාගමනය තව පැය කිහිපයකින් – කටුනායකට දැඩි ආරක්ෂාවක් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. රාජපක්ෂ මහතා පැමිණෙන ගුවන් යානය අද රාත්‍රී 12 පෙර කටුනායක ගුවන් තොටුපලට ගොඩබෑමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය හේතුවෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටපුල අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි 09 වැනිදා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියේ මෙරට 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි. දින කිහිපයකින් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර ඉන්පසු තායිලන්තය වෙත පිටත්ව ගොස් තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යළි ආගමනය සම්බන්ධයෙන් අද හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් හිටපු අගමැතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි. හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් හෝ තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන්නේද යන්න සම්බන්ධයෙන් හෝ තමන් සමග කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan