*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඉදිරි මැතිවරණයේදී වැඩි වාසි ශ්‍රීලනිපයට – මෛත්‍රී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 42 කට විපක්ෂයේ අසුන් ගැනීමට සිදුව තිබෙන්නේ පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට සූදානම් නොමැති නිසා බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඉදිරියේදී පැවැත්වෙන කුමන හෝ මැතිවරණයදී වුවද ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන්, වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර ඇතුළු කණ්ඩායම් සමග එක්ව සන්ධානයක් ගොඩනගාගෙන මැතිවරණයට ඉදිරිපත් වන බවත්, පොදුජන පෙරමුණේ සාමාජිකයන් පිරිසක්ද ඊට සම්බන්ධ වනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද පැවති ශ්‍රීලනිප 71 වන සංවත්සරය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයට බවත් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයකට නව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබෙන බවත් ඔහු අවධාරණය කරනවා.

බින්දුවට වැටී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට රටේ නායකයා වියහැකි වූවා නම් ශ්‍රීලනිපයට යළි නැගී සිටිමින් රටේ බලය අත්පත් කර ගැනීමට හැකියාව තිබෙන බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් වහාම පක්ෂ ප්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කරන්නැයි සිය සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan