සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමග සියළු සාම සාකච්ඡා අවලංගු කර තිබේ.
මෙලෙස සාකච්ජා අවලංගු කිරීමට හේතුව ලෙස ඉරානය සමඟ වන සාකච්ජා ඕනෑවට වඩා කාලය නාස්ති කිරීමක් වන බවත්, ඉරානයට කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ ඇමතුමක් ගැනීම බවත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් විසින් සාකච්ඡා දිගටම කරගෙන යාමට ඉඩ දීම සඳහා අප්‍රේල් 22 වන දින අවසන් වීමට නියමිතව තිබූ සටන් විරාමය දීර්ඝ කළද, රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ඇණහිට තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ගැටුමක සිරවී ඇති අතර, පෙබරවාරි මාසයේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කිරීම මෙන්ම ටෙහෙරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් සම්බන්ධයෙන් ඉරානය ප්‍රධාන නැව් මාර්ගය හරහා ගමන් කිරීම සීමා කර ඇත.
එතැන් සිට එක්සත් ජනපදය ඉරාන තෙල් අපනයනය අවහිර කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධියේ සිය නාවික පැවැත්ම වැඩි කර ඇත.

