හැකර් වංචාවක් හොයාගන්න මාස දෙකක්වත් යනවා. ඔක්කොටම කලින් විපක්ෂෙ දැනගත්තා – හැකර් ප්‍රහාරය ගැන ටි.බී සරත් කට අරී

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය පිළිබඳව වර්තමාන රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

සාමාන්‍යයෙන් හැකර්වරයෙකු සිදුකරන වංචාවක් අනාවරණය කර ගැනීමට මාස දෙකක පමණ කාලයක් ගතවන නමුත් එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හැකර්වරයාටත් පෙර විපක්ෂයේ දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කිරීම පුදුම සහගත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම සිදුවීම පිටුපස දේශපාලන හස්තයන් පවතින බවට සැකයක් පවතින බවත් වර්තමාන රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීම සඳහා මෙවැනි හුදකලා සිදුවීම් භාවිත කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සයිබර් අවකාශයේ සිදුවන මෙවැනි මූල්‍ය වංචා ලෝකයේ වෙනත් රටවලද සිදුවන අතර මෙය ආණ්ඩුවේ ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කිරීම අසාධාරණ බව හෙතෙම කියා සිටියි.

දිට්වා සුළි කුණාටුව නිසා සිය නිවාස සහ දේපල අහිමි වූ ජනතාව උදෙසා පසුගියදා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති චෙක්පත් ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...