රෂිකා හෙන්නායක අප්‍රේල් 28. කොළඹ LNW :
අද (28) දින කොළඹ පැවැත්වෙන ‘සාම පා ගමන’ අවසන් වැඩසටහන නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රය අසල පැවැත්වෙන මෙම උත්සවය හේතුවෙන් පස්වරු 4:00 සිට මාර්ග සීමා කිරීම් ක්‍රියාත්මක වීමට නියමිතය.
උදෑසන 11:00 සිට බොරැල්ල, මරදාන, ලිප්ටන් වටරවුම සහ ගංගාරාමය ඇතුළු ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය වරින් වර සීමා කෙරෙනු ඇත.
රියදුරන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය උපදෙස් ලබා දෙයි.
මෙම පියවර ගෙන ඇත්තේ නගරය තුළ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර මහජනතාවට පහසුව සැලසීම සඳහාය.
ඒ අනුව,
බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්‌ගය බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වට රවුම, ලිප්ටන් වටරවුම, ධමපාල මාවත, එෆ්. ආර් සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නන්දා මෝර්ටස්, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් විදීය, ස්ටැපල් වීදිය, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය ඇතුළු ගංගාරම විහාරස්ථානය අවට මාර්ග ඊට අදාළ වේ.



