භාණ්ඩාගාර කොල්ලය ගැන පාර්ලිමේන්තු විවාදයක් දෙන්න ආණ්ඩුව බැහැම කියයි

මහාභාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් වශයෙන් ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්දින විවාදයක් පැවැත්වීමට විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

“5 වෙනිදායින් ආරම්භ වෙන පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෑතකදී වාර්තා වෙච්ච මුදල් අමාත්‍යාංශයේ සිදුවෙච්ච ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධව එක් දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන හැටියට විපක්ෂයේ අපි ඉල්ලීමක් කළා. නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කළා”

ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...