ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් අත්පත්කරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අදාළ සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් තීරණය කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මුදල් කාරක සභාව විසින් අදාළ සිදුවීම පිළිබදව සිදුකරන සොයාබැලීම්වලට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.


